ඇන්ඩ්‍රොයිඞ් පාරිභෝගිකයින් ඉලක්ක කරගත් සයිබර් ප‍්‍රහාර මේ වසර තුළදී පසුගිය වසර මෙන් සය ගුණයකින් වැඩිවී ඇතැයි නව අධ්‍යනයකින් අනාවරණය වී තිබේ.
කැස්පර්ස්කයි පර්යේෂණාගාරය සහ ජාත්‍යන්තර පොලිසියේ ආරක්‍ෂක පර්යේෂකයින් පවසන්නේ 2013 අගෝස්තු සිට 2014 ජුලි දක්වා ලොව පුරා ජංගම දුරකථන භාවිතා කරන්නන් 588000ක් හැකරුන්ගේ ඉලක්ක බවට පත්වූ බවයි.
බැංකු ගිණුම් තුළට ප‍්‍රවේශවී මුදල් සොරාගැනීම සඳහා සයිබර් ප‍්‍රහාරකයන් වැඩි වැඩියෙන් ස්මාට්ෆෝන් පාරිභෝගිකයන් ඉලක්ක කරගැනීමට උනන්දු වෙමින් ඇති බව පර්යේෂකයන් පවසති.
ඇන්ඩ්‍රොයිඞ් උපකරණ ඉලක්ක කරගත් වෛරසයන්ගෙන් 60%ක්ම බැංකු ගිණුම් තොරතුරු හෝ මුදල් සොරාගැනීම සඳහා නිර්මාණය කළ ඒවා බව කැස්පර්ස්කයි සමාගම පවසා තිබේ.
සමස්ත ප‍්‍රහාරවලින් 57.08%ක් ම ට්‍රෝජන් එස්.එම්.එස් වර්ගයේ ඒවා වන අතර එමගින් හැකරුන් හට බැංකු කාඞ්පත් අංක, අන්තර්ජාල බැංකු සේවාවල රහස් අංක ආදිය ලබාගත හැකිවන බව පැවසේ.
මේ අතර තෙවන පාර්ශ්වයේ ජංගම දුරකථන මෘදුකාංග බාගත කිරීම පිළිබඳවද මෙම වාර්තාව විසින් අනතුරු හගවා ඇති අතර එමගින් පාරිභෝගිකයාගේ දැනුවත් බවකින් තොරව ප‍්‍රහාරක වැඩසටහන් ඇන්ඩ්‍රොයිඞ් දුරකථනය තුළට ඇතුළු කළ හැකි බව පර්යේෂකයන්ගේ අදහසයි.
සයිබර් අපරාධකරුවන්ගේ ඉලක්ක අතරින් බොහෝ දෙනෙක් රුසියානු ජාතිකයින් වන බවද වාර්තා වේ.
Thursday, October 23, 2014
අන්ඩ්‍රොයිඞ් අවදානමේ
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment