අන්තවාදය ලෝකය පුරා පැතිරයාමට සවුදි අරාබිය හා කටාර් රාජ්‍යය වගකිව යුතු බව ඉරාකයේ හිටපු බි‍්‍රතාන්‍ය අණදෙන නිලධාරී ජෙනරාල් ජොනතන් ෂෝ පවසා ඇතැයි වාර්තා වේ.
ඔහු පවසා ඇත්තේ දෙරට විසින් අන්තවාදයන් වෙත මූල්‍යාධාර සැපයීම මගින් ඇටවූ කාලබෝම්බය ඉස්ලාමික රාජ්‍යය නමින් පුපුරා ගොස් ඇති බවයි.
වහාබි සහ සලාෆිවාදී සටන්කාමී කණ්ඩායම් නිර්මාණය කිරීම සඳහා සවුදි අරාබිය හා කටාර් විසින් ඩොලර් බිලියන ගණනක් වැය කර ඇති බවද ජෙනරාල් ෂෝ පවසා තිබේ.
අන් කවර රටකටත් වඩා සිය නිර්මාණයක් වන අයිසිස් වෙතින් තර්ජනයට ලක්ව සිටින මෙම රාජ්‍යයන් ද්විත්වය අයිසිස් ත‍්‍රස්තවාදයට එරෙහි දෘෂ්ටිවාදීමය අරගලයක් ආරම්භ කළ යුතුව පවතින බව ඔහුගේ අදහසයි. මේ වන විට එල්ල කරමින් පවතින ප‍්‍රහාරයන් හෝ එවැනි දෘෂ්ටිවාදීමය අරගලයකින් තොරව පල නොදරනු ඇතැයි ඔහු පවසා ඇත.
ඇමරිකාව හා එහි කලාපීය මිතුරන් වන සවුදි අරාබිය, බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් සහ ජෝර්දානය දමස්කස් පාලනයේ හෝ එක්සත් ජාතීන්ගේ හෝ කිසිදු අවසරයකින් තොරව දෙසතියක් පුරා සිරියාව තුළ ගුවන් ප‍්‍රහාර එල්ල කරමින් සිටී.
ටෙලිග‍්‍රාෆ් පුවත්පත විසින් පළ කළ වාර්තාවක් මගින් අනාවරණය කර ඇත්තේ පර්සියානු ගල්ෆ් කලාපයේ ධන කුවේරයන් ත‍්‍රස්තවාදී කණ්ඩායම් වෙනුවෙන් ඩොලර් මිලියන ගණන් අරමුදල් රැස් කර ඇති බවයි.
lanka C news
Monday, October 13, 2014
අන්තවාදයට පැතිරයාමට සවුදි අරාබිය, කටාර් රාජ්‍යය වගකිව යුතුයි
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment