ජනාධිපතිවරණයේදි වමේ පොදු අපේක්‍ෂකයා කුමාර් ගුණරත්නම්..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 13, 2014

ජනාධිපතිවරණයේදි වමේ පොදු අපේක්‍ෂකයා කුමාර් ගුණරත්නම්..?

ඉරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී වමේ පොදු අපේක්ෂකයා ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක පේ‍්‍රමකුමාර ගුණරත්නම්ගේ නමද යෝජනා වී ඇතැයි එම පක්‍ෂ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා සදහන් කරයි.

ජනාධිපතිවරණයට වමේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම ගැන ප‍්‍රජාතන්ත‍්‍රවාදය,ආර්ථික සහ ජාතික ප‍්‍රශ්නය සම්බන්ධව ප‍්‍රතිපත්තිමය රාමුවක් යටතේ සාකච්ඡුා කළද මේ දක්වා අවසන් තීරණයකට එළඹ නැතැයිද ඔහු පවසයි.

නව සම සමාජ පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය, ශ‍්‍රී ලංකා සමාජවාදී පක්ෂය, ශ‍්‍රී ලංකා මාවෝවාදී කොමියුනිස්ට් පක්ෂය සහ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාවෝවාදී ලෙනින් පක්ෂය සමග මෙම සාකච්ඡ සිදුකරමින් යන බවත් ඔහු කීය.

කුමාර් ගුණරත්නම්ගේ නම මෙන්ම තවත් නම් වමේ පොදු අපේක්ෂකයා සදහා ඉදිරිපත් වී තිබෙන බවද කී ජයගොඩ මහතා ඒ ගැන අවසන් එක`ගතාවකට පැමිණ නැති බවත් සඳහන් කලේය.

lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad