සිසිල් බීම වර්ග පානයට ගැනීම මගින් ශරීර පටක ෙසෙල වල ආයුෂ අඩු වන බව ඇමරිකානු පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගෙන ඇතැයි වාර්තා වේ.
මෙම අධ්‍යනය සඳහා යහපත් සෞඛ්‍ය තත්වයකින් හෙබි වයස අවුරුදු 20-65 අතර වැඩිහිටි ඇමරිකානු ජාතිකයින් 5300ක් පමණ යොදාගෙන ඇති අතර දියවැඩියාව හෝ හෘද රෝගී තත්වයන් පිළිබඳ රෝග ඉතිහාසයක් නොමැති පුද්ගලයන් මේ සඳහා එක්කර ගෙන තිබීම විශේෂත්වයකි.
එයින් හෙළිව ඇත්තේ දෛනිකව කෝලා වැනි සිසිල් බීම පානයට ගැනීමෙන් සිරුරේ ජෛවවිද්‍යාත්මක වියපත් වීම වේගවත් වන බවයි.
ජීවත්විය හැකි වසර 4ක පමණ කාලයක් මෙයින් අහිමිව යන අතර එය අධිකතර දුම්බීම නිසා සිදුවන වියපත්වීමට සමාන වන බවද ඇමරිකානු මහජන සෞඛ්‍ය ජර්නලය පවසා තිබේ.
සැන් ෆ‍්‍රැන්සිස්කෝහි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් මේ පර්යේෂණය සඳහා වර්ණදේහ වල අඩංගු ක්‍රෝමසෝමයේ කොටසක් වන ටෙලොමෙරේස් හි වෙනස්කම් පිළිබඳ පිරික්සා ඇතැයි පැවසේ. මෙම ටෙලොමෙරෙස් ජීවිත කාලයට බලපාන බව මින් පෙර අනාවරණය කර තිබිණි.
පර්යේෂණයෙන් හෙලිවී ඇත්තේ සෑම සෝඩා කෑනයක් විසින්ම ටෙලොමෙරෙස් කෙටි කරන බවයි. එමගින් ආයුෂ අඩු වීම පමණක් නොව දියවැඩියාව, හෘද රෝග සහ ඇතැම් පිළිකා වර්ග වැළඳීමේ අවදානමක් ජනිත කරන බව විද්‍යාඥයන්ගේ අදහසයි.
Tuesday, October 21, 2014
සිසිල් බීම වලින් ෙසෙල වියපත් වීම වේගවත් වන බව හෙළිවේ
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment