පාසැල් දරැවන් ‘ෆේස් බුක්’ ඔස්සේ දේශපාලන කටයුතුවලට යොදා ගැනීමේ උත්සාහයක් ඇතැයි තොරතුරු අනාවරණය වී ඇති බැවින් වහාම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට නියම කළ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා එසේ කීවේ පසුගියදා පඬුවස්නුවර ජාතික පාසලේ පැවති උත්සවයකට සහභාගි වූ අවස්ථාවේ දී එහි පැමිණ සිටි සිසුන් සහ මවුපියන් අමතමිනි.
පාර්ලිමේන්තුවට ද මේ සම්බන්ධයෙන් ප‍්‍රශ්ණයක් ඉදිරිපත් කර තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා ෆේස් බුක් මාර්ගයෙන් පාසල් දරුවන් රැගෙන ගොස් එවැනි දේශපාලන කටයුතු වලට යොදවා ගන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවද පැවසීය.
පාසල් සිසුන් අතර ද ඉතා ජනප‍්‍රිය ෆේස් බුක් මාර්ගයෙන් පාසලෙන් බැහැර අත්‍යවශ්‍ය ක‍්‍රියාකාරකම් වලට යොදවා ගැනීමට සුදානම් වීම අහිංසක පාසල් සිසුන්ට කරන මහත් අපරාධයක් වන බැවින් එවැනි දේශපාලන ක‍්‍රියාකාරකම් සඳහා සිසුන් යොදවා නොගන්නා ලෙස තමන් සියලූම දේශපාලන පක්ෂවල නායකයන්ගෙන් ඉල්ලා සිටින බව ද ජනපතිවරයා සඳහන් කළේය.
Tuesday, October 14, 2014
ෆේස්බුක් දේශපාලනය ගැන ජනපති අණින් පරීක්ෂණයක්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment