උතුරු කොරියානු නායකයා අතුරුදන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 14, 2014

උතුරු කොරියානු නායකයා අතුරුදන්

මාසයකට වැඩි කාලයක් පුරා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ජනතාව ඉදිරියට පැමිණ නැතැයි වාර්තා වේ.

අවසන් වශයෙන් ඔහු ප‍්‍රසිද්ධ අවස්ථාවකට සහභාගිවී ඇත්තේ සැප්තැම්බර් 3වනදා ප්යොන්යෑංහි මන්සුඬේ කලා රගහලේදී පැවති මොරාන්බොන් සංගීත ප‍්‍රසංගය සඳහා බව පැවසේ.

එහිදී ඔහු තම බිරිඳ වන රි සොල් ජු සහ සොයුරිය වන කිම් යෝ ජුන් සහ උසස් නිලධාරීන් ගණනාවක් සමග සිට ඇත.

රාජ්‍ය මාධ්‍ය ආයතන විසින් කුම්සුසාන් මාළිගයේ පැවැත්වෙන උතුරු කොරියානු පාලක කම්කරු පක්‍ෂයේ 69වන සැමරුම සඳහා සහභාගි වන ආරාධිතයින්ගේ නාමලේඛනය හෙළිකර ඇති අතර එහි කිම් ජොන් උන් අඩංගුව නැතැයි වාර්තා වේ.

2010දී පළමු වරට ප‍්‍රසිද්ධ තලයට පැමිණි ඔහු 2011 දෙසැම්බර් 17 රාජ්‍ය නායකයා ලෙස වැඩ භාර ගන්නා ලදී.

ඉන්පසු 2012 ජුනි 7 සිට ජුලි 1 දක්වා දින 24ක කාලයක් හා 2011 ජුලි 28 සිට අගෝස්තු 27 දක්වා කාලයක් මින් පෙරද ජනතා ඇසින් වියෝවී සිටි බව පැවසේ.

කිම් ජොන් උන්ගේ අතුරුදන්වීම පසුපස ඔහුගේ සෞඛ්‍ය පිළිබඳ ගැටළුවක් ඇතැයි පැවසෙන අතර ජනාධිපතිවරයා යම් අපහසුතාවයකින් පෙළෙන බව මාධ්‍ය විසින්ද පවසා තිබේ.

කෙසේවෙතත් විචාරකයින් පවසා ඇත්තේ එය බරපතල තත්වයක් වීමේ ඉඩකඩ අඩු බවයි. එමෙන්ම උතුරු කොරියානු රජය විසින් ඔහු දුරස් කර ඇතැයි යන අදහසද සත්‍යයක් වීමේ සම්භාවිතාව අඩු බවද ඔවුන් පවසා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad