කොටි නායක ප‍්‍රභාකරන් හා ඔහුගේ දෙවැනියා ‘මහත්තයා’ අතර ඇති වූ මත ගැටුම ප‍්‍රයෝජනයට ගනිමින් ‘මහත්තයා’ කණ්ඩායමට අවිආයුධ සහ මුදල් ලබාදී ඔහු ලවා ප‍්‍රභාකරන් මරා දමා යුද්ධය අවසන් කිරීමට එක්සත් ජාතික පක්ෂය සැලසුම් සකස් කලේ යයි එජාප නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
මන්ත‍්‍රිවරයා සූරියවැව රන්මුදුවැව පැවති උත්සවයකදී සදහන් කලේ එම උපක‍්‍රමය සාර්ථක වූවානම් ඊට පසු කාලයේදී කුරිරු යුද්ධයෙන් අහිමි වූ ජීවිත දස දහස් ගණනක් බේරා ගැනීමට හැකියාව තිබුණු බවයි.
පේ‍්‍රමදාස මහතා මෙසේද කීය.
‘එක් තීරණාත්මක අවස්ථාවකදී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් සහ ඔහුගේ දෙවැනියා ලෙස කටයුතු කළ ‘මහත්තයා’ අතර බරපතළ මතභේදයක් හටගත්තා.
‘මහත්තයා’ පාර්ශ්වය ප‍්‍රභාකරන් විනාශ කරන්නට මාන බලමින් හිටියා.මේ අවස්ථාව ප‍්‍රයෝජනයට ගනිමින් එ.ජා.ප ආණ්ඩුව ‘මහත්තයා’ පාර්ශ්වයට අවි ආයුධ සහ යම් මුදල් ප‍්‍රමාණයක්ද ලබාදෙමින් ඔවුන් ලවා ප‍්‍රභාකරන් මරා දමා යුද්ධය අවසන් කිරීමට සැලසුම් කළා.
ඒ උපක‍්‍රමය සාර්ථක වුණා නම් ඊට පසු කාලයේදී කුරිරු යුද්ධයෙන් නැති වූ ජීවිත දස දහස් ගණනක් මරණයෙන් බේරාගත හැකිව තිබුණා. නමුත් අවාසනාවට එම උපක‍්‍රමය අසාර්ථක වුණා.එල්.ටී.ටී.ඊ ය විසින් මහත්තයා ඝාතනය කර දැමුවා’
lanka C news
Thursday, October 23, 2014
Home
දේශපාලන පුවත්
එජාපය කොටින්ට මුදල් දුන්නා.. ආයුධ දුන්නා – සජිත් පේ‍්‍රමදාස ප‍්‍රසිද්ධියේ පිලිගනී
එජාපය කොටින්ට මුදල් දුන්නා.. ආයුධ දුන්නා – සජිත් පේ‍්‍රමදාස ප‍්‍රසිද්ධියේ පිලිගනී
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment