පුද්ගලිකත්වයට එරෙහි මෘදුකාංග අත්හරින්න – ස්නොව්ඩන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 21, 2014

පුද්ගලිකත්වයට එරෙහි මෘදුකාංග අත්හරින්න – ස්නොව්ඩන්

පුද්ගලිකත්වයට එරෙහි මෘදුකාංග හා සේවාවන් භාවිතා කිරීම අත්හැර දමන්නයි ඇමරිකානු හිටපු ඔත්තුසේවා නිලධාරී එඞ්වඞ් ස්නොව්ඩන් පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ නිව්යෝකර් සගරාව සමග සිදුකළ පැයක පමණ සම්මුඛ සාකච්ඡුාවක අතරතුරය.  තවදුරටත් අප පුරවැසියන් හෝ අපට සිටින්නේ නායකයන් නොවන බවත් අප අතර ඇත්තේ හිමිකරු – යටත්වැසි සම්බන්ධයක් බවත් ස්නොව්ඩන් පවසා තිබේ.

මෙටා දත්ත ආරක්‍ෂා කළ හැක්කේ කෙසේද යන්න හා එය එසේ ආරක්‍ෂා කිරීම ඊයේට වඩා අද අවශ්‍ය වන්නේ ඇයිදැයි විමසන ආරක්‍ෂක පර්යේෂණයන් ප‍්‍රමාණවත් තරම් සිදු නොකෙරෙන බව ඔහුගේ අදහසයි.

මේ අතර යම් පුද්ගලයෙකු ඔහු සතු අයිතීන් අත්හැර දැමීමට සූදානම් විය යුතුය යන මුළාවක බලධාරීන් සිටින බව පවසා ඇති ස්නොව්ඩන් අවධාරණය කර ඇත්තේ මට සගවන්න කිසිවක් නැත යයි පවසන්නේ නම් ඔහු පුද්ගලිකත්වය යන අයිතිය අත්හැර දමා ඇති බවයි.

රජය විසින් පුද්ගල නිදහස උල්ලංඝනය කරන මෙවැනි අවස්ථාවකදී ගූගල්, ෆේස්බුක්, ඩ්‍රොප්බොක්ස් වැනි සේවාවන් අතහැර දැමිය යුතු බවද හිටපු චරපුරුෂ නිලධාරියා යෝජනා කර තිබේ.

ඔහු පවසා ඇත්තේ ඩ්‍රොප්බොක්ස් අතහැර හුවමාරුවේදී පමණක් නොව පරිඝනකයේ ගබඩා කර තබාගැනීමේදීද දත්ත කේතනය කර ඇති ස්පයිඩර්  ඕක් වැනි සේවාවන් පරිහරණය කරන ලෙසයි.  ගූගල්, ෆේස්බුක් වෙනුවට රෙඞ්ෆෝන් හෝ සයිලන්ට් සර්කල් භවිතා කළ හැකි බවද ඔහු පවසා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad