ඉබෝලා රෝගියෙකු ලංකාවේ ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 21, 2014

ඉබෝලා රෝගියෙකු ලංකාවේ ?

ශ‍්‍රී ලංකාවෙන් ඉබෝලා රෝගයෙකු හමු වූ බවට පලවන වාර්තා අසත්‍ය බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පවසයි.

ඇය පවසන්නේ ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලට උණ රෝගය වැළදීම හේතුවෙන් ඇතුළත් කෙරුණු නයිජීරියානු ජාතිකයෙක් අංගොඩ උණ රෝහල වෙත මාරු කර ඇතත් ඔහුට ඉබොලා රෝගය වැළදී නැති බවයි.

කෙසේ වෙතත් ඉබෝලා රෝගය වැළදුණු තැනැත්තෙක් මෙරටට පැමිණියහොත් ප‍්‍රතිකාර සදහා අවශ්‍ය උපකරණ අංගොඩ උණ රෝහල වෙත ලබා දී වෛද්‍ය කාර්ය මණ්ඩලය ද සූදානමින් තබා ඇතැයි ඇය වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad