P13 නම් දීප්තිමත් කළු කුහරයක් විසින් යාබද තාරකාවකට අයත් වායු වළාවක් නොසිතූ විරූ වේගයකින් ගිල දමමින් ඇතැයි තාරකා විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබේ.
මෙම කළු කුහරය මන්දාකිණියේ පිටත ප‍්‍රදේශයේ පිහිටා ඇති අතර එමගින් සති 3කදී චන්ද්‍රයාට සමාන ස්කන්ධයක් හා සෑම සති 4කදීම පෘථිවියට සමාන ස්කන්ධයක් උරා ගන්නා බව හෙළිවී ඇත.
කළු කුහරය විසින් ගිල දමන තාරකාව සූර්යයා මෙන් 20 ගුණයක ස්කන්ධයකින් යුත් නිල් සුපිරි යෝධයකු බව පැවසේ.
රේඩියෝ තාරකා විද්‍යා පර්යේෂණ පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ පර්යේෂක ආචාර්ය රොබර්ටෝ සෝරියා පවසා ඇත්තේ කළු කුහරයකට වායු වළාවක් ගිල දමමින් ආලෝකය නිකුත් කළ හැකි වේගය එම කළු කුහරයේ විශාලත්වය විසින් තීරණය කරන බව සාමාන්‍ය අදහස බවයි.
සූර්යයාට වඩා මිලියන ගුණයක් දීප්තියෙන් යුත් P13 ක්‍ෂීරපථයේ දක්නට ලැබෙන සාමාන්‍ය අඩු දීප්තිමත් කළු කුහරයන්ට වඩා විශාල බව ඒ අනුව උපකල්පනය කෙරිණි.
නමුත් එය සූර්යයා මෙන් 15 ගුණයකටත් වඩා අඩු ස්කන්ධයකින් හෙබි කුඩා කළු කුහරයක් බව සෝරියා සහ ඔහුගේ කණ්ඩායම විසින් අනාවරණය කර ඇත.
ජපානයේ හොට් ඩෝග් කෑමේ ශූරයෙකු වන ටකෙරු කොබයාෂි විසින් පෙන්වා දුන් පරිදි දේහ ප‍්‍රමාණය කුඩා වුවත් කෑමේ අඩුවක් නොවන බව මෙම කළු කුහරයටත් අදාළ විය හැකි යයි සෝරියා පවසා තිබේ.
කළු කුහරයන් විසින් ආලෝකය උරාගන්නා හෙයින් ඒවා අඳුරු ලෙස සැලකුණද 1970 දශකයේදී මුල්ම වරට P13 වැනි දීප්තිමත් කිරණ ප‍්‍රභව කළු කුහරයන් සොයාගැනිණි.
Thursday, October 23, 2014
ඉතා කෑදර, දීප්තිමත්, කළු කුහරයක්
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment