යුරෝපා සංගමය කොටි සංවිධානය ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස ලැයිස්තු ගත කර පනවා තිබූ තහනම ඉවත් කිරීමට විරෝධය ප‍්‍රකාශ කිරීම සඳහා ශ‍්‍රී ලාංකික ජනතාවගේ අත්සන් එකතු කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා ආරම්භ කරයි.
මේ මස 23 වන බ‍්‍රහස්පතින්දා පෙ.ව. 9.45ට වැල්ලවත්ත මිලාජ් හෝටලයේදී මෙම අත්සන් එකතු කිරීමේ වැඩසටහන ආරම්භ කෙරෙන අතර, ඉන් අනතුරු ව ශ‍්‍රී ලංකාව පුරා වෙසෙන ජනතාවට අත්සන ලබාදීමෙන් ඊට දායකත්වය ලබාදීමේ අවස්ථාව ලැබෙනු ඇත.
දශක තුනකට අධික කාලයක් කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් මෙරට ජනතාව පීඩාවිඳි අතර, ඔවුන්ගේ ම්ලේච්ඡත්වය නිසා මෙරට ජනතාව කඳුලින් ගත කළ කාලය අපට අමතක නැත. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ අභීත නායකත්වය යටතේ එම කඳුලින් පිරි අඳුරු යුගය නිමා කිරීමට හැකි විය.
එම අභාග්‍ය සම්පන්න යුගය නැවතත් ඇති කිරීම සඳහා ඇතැම් විදේශීය බලවේග උත්සාහ දරමින් සිටිති. එයට සහයදී රට පාවාදීමට ඇතැම් දේශීය පිරිස්ද එකතු වී සිටීම දැඩි ව හෙළා දැකිය යුත්තකි. 1815දී අපේ රටට නිදහස අහිමිවූයේ ද මෙලෙස පාවා දුන් පිරිසක් රට තුළ ක‍්‍රියාත්මක වූ බැවිනි.
ඒ ආකාරයට වර්තමානයේද රට පාවාදීමේ කුමන්ත‍්‍රණ මේ වන විටත් දියත් වෙමින් පවතී. යුරෝපා සංගමය විසින් කොටි තහනම ඉවත් කිරීම එහි එක් ප‍්‍රතිඵලයක් යැයිද අමාත්‍යවරයා පෙන්වා දෙයි. මේ තත්ත්වය අවබෝධ කොට ගෙන නිදහස් නිවහල් ඒකීය රටක් ලෙසට ශ‍්‍රී ලංකාව ගොඩ නැංවීම සඳහා අප සියලු දෙනා එක්ව බුද්ධිමත් ව තීරණ ගත යුතු කාලය දැන් එළඹ ඇත.
එබැවින් යුරෝපා සංගමයේ මෙම ක‍්‍රියා කලාපය හෙළා දකිමින් ශ‍්‍රී ලංකීය අප ඊට නිසි ප‍්‍රතිචාර දැක්විය යුතුය. ඒ සඳහා සියලු දෙනා මෙම වැඩසටහනට සම්බන්ධ වී තම අත්සන යොදමින්, ඊට සාමකාමී විරෝධතාවය දක්වන ලෙසට අමාත්‍යවරයා, දේශයට ලැදි ඒකීය රටක් අපේක්‍ෂා කරන සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියි.
News.lk
Monday, October 20, 2014
යුරෝපයේ කොටි තහනම ඉවත් කිරීමට එරෙහිව රට පුරා අත්සන් එකතු කරයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment