සම්බාධක පණවා රුසියාව ලෝකයෙන් හුදකලා කිරීමට දරන උත්සහය හාස්‍යජනක, රැවටිලිකාරී ඉලක්කයක් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ.
ඔහු පවසා ඇත්තේ එය අත්පත් කරගැනීමට නොහැකි මෙන්ම යුරෝපයේ හා ලෝකයේ ආර්ථික සෞඛ්‍යය බරපතල ලෙස තර්ජනයට ලක්කිරීමක්ද වනු ඇති බවයි.
පුටින් මේ අදහස් දක්වා ඇත්තේ සර්බියානු පොලිටිකා පුවත්පත වෙත අදහස් දක්වමිනි.
නීතිවිරෝධී සහ ඒකපාර්ශ්වික සම්බාධක වලින් රුසියාව පීඩනයට පක්කිරීම එකගතාවයක් සඳහා සහයක් නොව සංවාදය බිඳුවා හැරීමට දායකත්වයක් බව රුසියානු ජනාධිපතිවරයාගේ අදහසයි.
මෙයිදාන් උද්ඝෝෂණවලට සෘජුව සහය දුන්නේ වොෂින්ටනය බවත් අන්ත ජාතිකවාදයකින් යුක්රේන සමාජය බිඳ දමා මුළු රටම සිවිල් යුද්ධයකට ඇද දැමුවේ වොෂින්ටනයේ කියෙව් හේවායන් බවත් මධ්‍යස්ථ මතධාරී ඕනෑම පුද්ගලයෙක් පැහැදිලිව දන්නා බවද ඔහු පවසා තිබේ.
සම්බාධක පිළිබඳ අදහස් දක්වමින් පුටින් පවසා ඇත්තේ ඒවායින් සිදුවන හානිය පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව සිය ජාතික අභිලාෂයන් ආරක්‍ෂා වන පරිදි ප‍්‍රතිචාර දක්වන බවයි.
මේ වන විට යුරෝපා සහ ඇමරිකානු පාර්ශ්වයන් සමග වන අන්‍යෝන්‍ය විශ්වාසය බිඳ වැටී තිබුණද රුසියාව ජනනාත්මක සහයෝගිතාවයක් දැක්වීමට බලාපොරොත්තු වන බවද ඔහු පවසා ඇත.
ඒ අනුව රුසියාව විසින් යුරෝපයට ගිවිසුම් ප‍්‍රකාරව ගෑස් ලබාදුන් බවත් යුක්රේනය හරහා ගෑස් සංක‍්‍ර‍්‍රමණයේ ගැටළු මගහරවා ගැනීමට යෝජනා ඉදිරිපත් කර ඇති බවත් පුටින් සඳහන් කර තිබේ.
Monday, October 20, 2014
රුසියාව හුදකලා කිරීම විහිළුවක්, හීනයක්.. – පුටින්
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment