පාප්තුමන්ගේ ලංකාගමන වෙනුවෙන් හොර මුද්දරයක්..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 23, 2014

පාප්තුමන්ගේ ලංකාගමන වෙනුවෙන් හොර මුද්දරයක්..?

තැපැල් දෙපාර්තමේන්තුවේ, මුද්දර කාර්යාංශය විසින් “පාප් වහන්සේගේ ශ්‍රී ලංකා ගමනය” තේමාව යටතේ සමරු මුද්දරයක් නිකුත් කිරීමට කටයුතු කරමින් පවතින නමුත් එම මුද්දරයේ සැලැස්ම තවමත් ප්‍රසිද්ධියට පත්කර නොමැති බව ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය සඳහන් කරයි.

මෙවැනි ව්‍යාජ මුද්දර ප්‍රදර්ශනය නොකරන ලෙස අදාළ පුද්ගලයන්ට දන්වා සිටින අතර, මුද්දර කාර්යාංශය මගින් සිය පාරිභෝගිකයන් වෙත නිකුත් කරනු ලබන මුද්දර සහ වෙනත් අයිතමයන් පමණක් ප්‍රදර්ශනය කිරීම හා මිලදී ගැනීම සිදුකරන ලෙසත් ඉල්ලා සිටී.

එවැනි සාවද්‍ය ක්‍රියා සඳහා අනුබල දීම නීතිවිරෝධී ක්‍රියාවක් බව “මුද්දර කාර්යාංශය” වැඩිදුරටත් දන්වා සිටී.

– News.lk

No comments:

Post a Comment

Post Bottom Ad