නැගෙනහිර ලිබියාවේ ඉස්ලාමික සටන්කාමීන් පළවා හැරීමේ අරමුණින් ඊජිප්තු ප‍්‍රහාරක යානා බෙන්ගාසි නගරයට පහර දී ඇතැයි වාර්තා වේ.
මේ බව ඊජිප්තු රජය විසින් නිල වශයෙන් ප‍්‍රකාශ කර නොමැති වුවද මාධ්‍ය වෙත අදහස් දැක්වූ නිර්නාමික නිලධාරීන් දෙදෙනෙකු විසින් එය තහවුරු කර තිබේ.
ඇසෝසියේටඞ් ප්‍රෙස් පුවත්සේවය වාර්තා කර ඇත්තේ මෙම ගුවන් ප‍්‍රහාර ඊජිප්තුව විසින් ආරම්භ කර ඇති විශාල පරිමාණයේ මෙහෙයුමක අංගයන් බවයි. එම මෙහෙයුම මාස 3-6 අතර කාලයක් පුරා ක‍්‍රියාත්මක කෙරෙනු ඇතැයි පැවසේ.
ඊජිප්තු ජනාධිපති අබ්ඩෙල් ෆටා අල් සිසිගේ මාධ්‍ය ප‍්‍රකාශක අලා යූසෙෆ් විසින් තම ප‍්‍රහාරක යානා ලිබියාවේ ඉලක්කවලට පහරදෙන බව ප‍්‍රතික්‍ෂේප කර ඇතැයිද වාර්තා වේ.
කෙසේවෙතත් නිර්නාමික නිලධාරීන් පවසා ඇත්තේ ලිබියානු රජය ලෙස ජාත්‍යන්තරව පිළිගන්නා කණ්ඩායම විසින් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම ගුවන් ප‍්‍රහාර දියත් කළ බවයි.
ටි‍්‍රපොලි අගනුවරින් ලිබියානු රජය පලවා හැරීමට සන්නද්ධ ඉස්ලාමික සටන්කාමී කණ්ඩායම් කිහිපයක් විසින් සමත්ව ඇති අතර මේ වන විට ලිබියානු රජය නැගෙනහිර ලිබියාවේ ටොබෘක් සිට ක‍්‍රියාත්මක වන බව පැවසේ.
මේ අතර ඊජිප්තුව විසින් මෙලෙස යාබද බෙන්ගාසි ප‍්‍රාන්තයේ සටන්කාමීන් වෙත පහරදෙන්නේ ඊජිප්තුවේ ආරක්‍ෂාවට ඔවුන්ගෙන් එල්ල වන තර්ජනය නිසා බවද විචාරකයින් පවසති.
Wednesday, October 22, 2014
ඊජිප්තුව ලිබියාවේ ඉස්ලාමික සටන්කාමීන්ට පහර දෙයි
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment