සිරුරු භූමිදානයට ඉඩ නොදීම අපෙන් පළිගැනීමක් - ජමියතුල් උලමා සංවිධානය - (video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 12, 2020

සිරුරු භූමිදානයට ඉඩ නොදීම අපෙන් පළිගැනීමක් - ජමියතුල් උලමා සංවිධානය - (video)

කොවිඩ් 19 රෝගය හේතුවෙන් මිය යන මුස්ලිම් ජනතාව භූමිදානය කිරීමට ඉඩ නොදීම මුස්ලිම් ජනතාවගෙන් කරන පළිගැනීමක් බවත්, තමන්ට තිබෙන්නේ භූමිදානය කිරීම පමණක් බැවින් තවදුරටත් පළි නොගෙන එය රැක දෙන ලෙසත් ජමේතුල්ලා උලමා සංවිධානයේ සාමාජික මවුලවි මූනීර් මුලෆ්ෆර් සඳහන් කරයි.

මවුලවිවරයා මෙම අදහස් පල කලේ යූටියුබ් නාළිකාවක් සමඟ සාකච්ජාවට එක්වෙමිනි.

ආණ්ඩුව ගත් තීරණයක් කලින්ම තවුහිත් ජම්මාත් සංවිධානය දන්නේ කෙසේ දැයි ප්‍රශ්න කරන මවුලවිවරයා එම සංවිධානය අන්තවාදී හා කුමන්ත්‍රණකාරී සංවිධානයක් බව ද පෙන්වා දෙයි.

මුස්ලිම් ජනතාවට වෙනම නීතියක් තිබෙන කතාව බොරුවක් බව ද මවුලවිවරයා සඳහන් කරයි.

මේ රටේ මුස්ලිම් ජනයාට තිබෙන්නෙත් අන් ජනයාට තිබෙන නීතිය ම පමණක් බව ද මවුලවිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad