හැමෝම ආදරේ කරන මැතිවරණ කොමිසමේ සභාපති අද විශ්‍රාම යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 12, 2020

හැමෝම ආදරේ කරන මැතිවරණ කොමිසමේ සභාපති අද විශ්‍රාම යයි

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය අද (12) සිය ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතයි. මේ අතර, නව මැතිවරණ කොමිෂන් සභාව ලබන සතියේ පත් කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළේ. ඒ, පසුගිය දා පාර්ලිමේන්තුවේ සම්මත වූ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුකූලවයි.

එමෙන්ම, 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව 2015 නොවැම්බර් මාසයේදී ස්ථාපිත කළ මැතිවරණ කොමිෂන් සභාවේ කාලසීමාව ද අද අවසන් වනවා.

සාමාජිකයින් 3 දෙනෙකුගෙන් සමන්විත එම කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ මහින්ද දේශප්‍රියයි.

මහාචාර්ය රත්නජීවන් හූල් සහ ජනාධිපති නීතිඥ නලීන් අබේසේකර එහි සෙසු සාමාජිකයින් වනවා.

19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් දක්වා තිබුණේ ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස නම් කරන පුද්ගලයන් එවකට ක්‍රියාත්මක වූ ව්‍යවස්ථාදායක සභාව මගින් අනුමත කළ යුතු බවයි.

කෙසේ වෙතත්, 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් සංඛ්‍යාව 5ක් දක්වා ඉහළ දැමුණා.

එම සාමාජිකයින්ගේ නම් ජනාධිපතිවරයා විසින් යෝජනා කරන අතර, ඒවා පාර්ලිමේන්තු සභාව වෙත යොමු කිරීමෙන් අනතුරුව එම සභාව විසින් සිය නිර්දේශ යළි ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලබනවා.

යම් හෙයකින් පාර්ලිමේන්තු සභාවේ නිර්දේශයන් ඉදිරිපත්වීම ප්‍රමාද වුවහොත් එය නොසලකා හැර හෝ මැතිවරණ කොමිෂන් සභාව පත් කිරීමේ බලය 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාට ලබාදී තිබීම ද විශේෂත්වයක්.


No comments:

Post a Comment

Post Bottom Ad