රැපිඩ් ටෙස්ට් කට්ටල ලක්ෂයක පරිත්‍යාගයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 9, 2020

රැපිඩ් ටෙස්ට් කට්ටල ලක්ෂයක පරිත්‍යාගයක්

රැපිඩ් ටෙස්ට් කට්ටල ලක්ෂයක පරිත්‍යාගයක්

කොවිඩ් ආසාදිතයින් ඉක්මනින් හඳුනාගැනීම සඳහා භාවිත කළ හැකි “ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල” ලක්ෂයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙරටට පරිත්‍යාග කර ඇත.

එම කට්ටල තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය වෙත යොමුකර ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

එම කට්ටල තොගය නිල වශයෙන් ලබා දීමේ උත්සවය අද (09) සවස ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ .

No comments:

Post a Comment

Post Bottom Ad