
කොරෝනා වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා උපකරණ මිලදී ගැනීමට ක්ෂණිකව මුදල් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්න මහතා පවසයි.
දැනට පවතින ක්‍රමවේදය අනුව හදිසි අවශ්‍යතාවලදී වුවද භාණ්ඩ මිලදී ගැනීමේ ප්‍රමාදයන් සිදුවන බවද පවසන දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ඒ සඳහා සරලව ක්‍රියාත්මක වන යාන්ත්‍රණයක් අවශ්‍ය බවද සඳහන් කරයි.
දැනට අම්බලන්ගොඩ කරන්දෙණිය හා හික්කඩුව ආරච්චිකන්ද යන රෝහල් කොරෝනා රෝගින් සඳහා වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත්කොට ඇත.
මේ පිළිබඳ අදහස් දක්වන දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා
"අපිට මුදල් අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය භාණ්ඩ විතරයි. මේ තත්ත්වය නිසා මෙකී ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අපිට වතුර ටැංකියක්වත් මිලදී ගැනීමට නොහැකිවෙලා තියෙනවා. වෙළෙඳසල් හිමියන් චෙක්වලට භාණ්ඩ දෙන්නේ නැහැ. දිසාපතිවරයාගේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නියෝජිතයකු හරහා ක්ෂණිකව මුදල් ලබාදී මෙකී මධ්‍යස්ථාන සඳහා උපකරණ මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. එසේ නොමැති වුවහොත් භාණ්ඩ මිලදී ගැනීමේ ප්‍රමාදයන් සිදුවෙනවා." යැයි වැඩිදුරටත් සඳහන් කළේය.
No comments:
Post a Comment