දේශපාලකයෝ වෙනුවට විශේෂඥයෝ දාල කොරෝනා ගැන උපදෙස් දෙන්නේ ආණ්ඩුවේ අසාර්ථකත්වය නිසයි – මුජිබර් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 6, 2020

දේශපාලකයෝ වෙනුවට විශේෂඥයෝ දාල කොරෝනා ගැන උපදෙස් දෙන්නේ ආණ්ඩුවේ අසාර්ථකත්වය නිසයි – මුජිබර්

කොරෝනා වසංගතය සම්බන්ධව ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් මාධ්‍ය ඉදිරියට පැමිණ පිළිතුරු ලබා නො දෙන බවත් වෙන වෙන අය ඉදිරියට දමා පිළිතුරු ලබා දෙන තත්ත්වයට ආණ්ඩුව ඇද වැටී ඇති බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

මේ වන විට කොරෝනා පාලනය ආණ්ඩුව අතින් ගිලිහී ඇති මෙ මගින් පැහැදිලි වන බව ද ඔහු සඳහන් කළේ ය.

කොරෝනා පාලනය සඳහා පාර්ලිමේන්තුව කැඳවන ලෙස තමන් ඉල්ලා සිටිය ද ඒ සඳහා කටයුතු නො කළ බව ද හෙතෙම සිහිපත් කළේ ය.

ආණ්ඩුව මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවට කිසිවක් නො කළ බවත් දැන් කොරෝනා පාලනය සිදුකරන්නේ සිය පාලන කාලය තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සිදුකළ අතිවිශාල දායකත්වය මත බව ද ඔහු අවධාරණය කළේ ය.

ඊයේ (05) මාධ්‍ය හමුවකට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.


No comments:

Post a Comment

Post Bottom Ad