
බස්නාහිර පළාතෙන් පිටතට යාම තහනම් කළ නිවේදනය නිකුත්වීමෙන් පසු අද (11) උදෑසන සිට බස්නාහිර පළාතේ සිට දිවයිනේ සෙසු ප්‍රදේශවලට පුද්ගලයින් පැමිණ ඇත්නම් ඔවුන් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, එලෙස පුද්ගලයින් පැමිණ ඇත්නම් සෞඛ්‍ය බලධාරීන් සමග එක්ව ඔවුන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කරන ලෙස සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවයි.
No comments:
Post a Comment