මෙරට බහුතර ජනතාවගේ බලාපොරොත්තුව බැසිල් පාර්ලිමේන්තු පැමිණ ඇමති ධුරයක් බාර ගැනීමයි - ඩිලාන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 4, 2020

මෙරට බහුතර ජනතාවගේ බලාපොරොත්තුව බැසිල් පාර්ලිමේන්තු පැමිණ ඇමති ධුරයක් බාර ගැනීමයි - ඩිලාන්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නැවතත් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම මෙරට බහුතර ජනතාවගේ බලාපොරොත්තුව බව පාර්ලිමේන්තුු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි. මෙවර පාර්ලිමේන්තුවෙන් 2/3ක බහුතර බලයක් දිනා ගැනීමට හැකි වූයේ බැසිල් රාජපක්‍ෂ මහතාගේ සංවිධාන ශක්තිය නිසා බවද ඔහු පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ දී ද මෙරට ආර්ථික ජයග්‍රහණය ලබා ගැනීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා සහාය වූ බවද ඔහු පෙන්වා දෙයි.

එනිසා මෙරට බහුතර ජනතාව බලාපොරොත්තු වන්නේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ ආර්ථිකය සම්බන්ධ වගකීමක් බාර ගැනීම බවත් ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad