අමෙරිකානු ජනපතිවරණය අවසන් අදියරට – ජෝ බයිඩන් ඉදිරියෙන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 4, 2020

අමෙරිකානු ජනපතිවරණය අවසන් අදියරට – ජෝ බයිඩන් ඉදිරියෙන්

2020 අමෙරිකානු ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ අවසන් අදියරේ කටයුතු මේවනවිට කි‍්‍රයාත්මකයි. ඒ අනුව බොහෝ ප‍්‍රාන්තවල ඡන්ද විමසීම මේවනවිටත් අවසන් වී ඇති අතර ඇතැම් ප‍්‍රාන්තවල එම කටයුතු අවසන් අදියරට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ අමෙරිකාවට දැඩි බලපෑම් එල්ල වි තිබුණද, එරට වැසියන් බොහෝ දෙනෙකු මහත් උනන්දුවෙන් ඡන්දය ප‍්‍රකාශ කර තිබූ බවයි විදෙස් වාර්තා පැවසුවේ. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේදී වාර්තාගත ඡන්ද ප‍්‍රකාශ කිරීමක් දැකිය හැකි වනු ඇති බව විචාරකයින්ගේ මතය වී තිබෙනවා.

ඡන්ද ප‍්‍රතිඵල නිකුත් වීමට නියමිතව ඇති පසුබිමක් තුළ සිය සියලූ මැතිවරණ කටයුතු අවසන් කර සිටින ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ධවල මන්දිරය වෙත පැමිණ සිටින බවයි විදෙස් වාර්තා පැවසුවේ.

කෙසේවෙතත්, දෙවන වරටත් ලොව බලවත්ම රාජ්‍යයේ පාලකයා ලෙස කිරුළු දැරීමට නම් ජනාධිපති ට‍්‍රම්ප් මැතිවරණ කොට්ඨාශ 538 න් 270 ක බලය හිමිකර ගත යුතු වනවා.

මේ වනවිට ප්‍රකාශිත ප්‍රතිඵල අනුව  223 : 174 ක් ලෙස ප්‍රතිවාදී අපේක්ෂක ජෝ බයිඩන් ඉදිරියෙන් සිටිනවා.

No comments:

Post a Comment

Post Bottom Ad