පොලීසියේ, රේගුවේ හා බන්ධනාගාරයේ කොරෝනා රෝගීන් ඉහළට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 5, 2020

පොලීසියේ, රේගුවේ හා බන්ධනාගාරයේ කොරෝනා රෝගීන් ඉහළට

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් ගණන 180 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ තවත් නිලධාරීන් 257 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවයි. ස්වයං නිරෝධායනය සදහා යොමුකර ඇති පොලිස් නිලධාරීන් ගණන 1,302 ක් වනවා.  

මේ අතර රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 8 දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් ජයරත්න කියා සිටියා.



මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයන් ගණන 5 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.  ඒ අතර වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ නිලධාරිණියන් 4 ක් සහ වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින සිරකරුවෙකුද වන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. වැලිකඩ බන්ධනාගාර රෝහලේ ඖෂධ සංයෝජකවරියකට කොරෝනා වෛරසය වැලදී ඇති බවට මීට පෙර තහවුරු වුණා. ඇය කාන්තා බන්ධනාගාරයේ රාජකාරී සදහා ඉකුත් දිනවල ගොස් සිටි බවයි අනාවරණ වුණේ.     

-නෙත්                          


No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *