
කොවිඩ් රෝගීන් සඳහා හම්බන්තොට වෙන් කර ඇති රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයකු ඊයේ (10 වැනිදා) මිය ගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 46ක් වූ කැලණිය හෙට්ටිගොඩ පදිංචි ඩී.කේ. සුරංග නමැති අයෙකි. ඔහු ඉකුත් පළමුවැනිදා හම්බන්තොට මහ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුළත්කර ඇත. පසුව රෝගය සුවවී නියමිත දින සම්පූර්ණ කර නිවසට යෑමට සූදානම්ව සිටියදී හෘදයාබාධයක් නිසා මෙලෙස හදිසියේ මියගොස් තිබේ.
ඊයේ (10 වැනිදා) අලුයම් කාලයේ දී ඔහුට හෘදයාබාධයක් වැලඳීම නිසා හම්බන්තොට නව මහ රෝහලට ඇතුළත් කර එහි හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේ දී මියගිය බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.
මෙම රෝගියා මීට පෙරද හෘදයාබාධයකින් පෙළුණු අයකු බව වෛද්‍යවරු පවසති. නිරෝධායන රෙගුලාසිවලට අනුකූලව අම්බලන්තොට ලුනම ආදාහනාගාරයේ දී ඔහුගේ අවසන් කටයුතු කිරීමට නියමිතය.
No comments:
Post a Comment