පාස්කු ප්‍රහාරකයන් අල්ලන්න ඩොලර් මිලියන 1.8ක් දීලා – ඒකටත් වෙච්ච දෙයක් නෑ ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 5, 2020

පාස්කු ප්‍රහාරකයන් අල්ලන්න ඩොලර් මිලියන 1.8ක් දීලා – ඒකටත් වෙච්ච දෙයක් නෑ !

පාස්කු ප‍්‍රහාරයේ මොළකරුවන් අල්ලා ගැනීම සඳහා ඇමෙරිකානු රජය යහපාලන රජයට ලබාදුන් ඩොලර් මිලියන 1.8 ට සිදු වූදේ අභිරහසක් වී තිබෙනවා.

මෙම මුදල ලබාගත්තේ කවුදැයි මේ වන විට වසන් වී තිබේ. එසේම පාස්කු ප‍්‍රහාරය පසුබිමේ සිටි කණ්ඩායම මේ වනතුරු අල්ලා ගැනීමට රහස් පොලිසියට හැකි වී නැහැ.

පාස්කු ප‍්‍රහාරයට වගකිවයුතු පිරිස අල්ලා ගැනීම සඳහා ඇමෙරිකානු රජය යහපාලන රජයට ඩොලර් මිලියන 1.8 ක මුදලක් ලබාදුන් බව හෙළි වූයේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරටට පැමිණෙන අවස්ථාවේදීයි.

මෙම බිහිසුණු ප‍්‍රහාරය පිටුපස සිටි පිරිස ගැන ඇමෙරිකානු එස්. බී. අයි. පොලිසියද මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය කර නැහැ.


No comments:

Post a Comment

Post Bottom Ad