09 වැනි සඳුදාට පසු බස්නාහිරට ඇඳිරි නීතිය ඉවත්වන ලකුණු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 5, 2020

09 වැනි සඳුදාට පසු බස්නාහිරට ඇඳිරි නීතිය ඉවත්වන ලකුණු

බන සඳුදාට පසු නිරෝධායන ඇඳිරි නීතිය යොදවා රට වසා තැබීමට කිසිදු අදහසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නොමැති බවත් රටේ බහුතර ජනතාව අත්විදින ගැටළු ගැන අවධානය යොමු කොට සියලු පුරවැසියන් සෞඛ්‍යාරක්ෂිතව කොවිඩ් ආසාදිතයෙක් නොවී කටයුතු කිරීමට පියවර ගත යුතු බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදී ජනාධිපතිතුමා විසින් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බවත් ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් කටයුතු කිරීම මගීන් මෙම වෛරසය පාලනය කිරීමට හැකි බව හමුදාපතිවරයා සඳහන් කළේ ය.

දැනට පවතින තත්ත්වය මත ලබන සඳුදා උදෑසන 5.00 පසුව බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරි නීතිය ඉවත් කිරිමට බලාපොරොත්තුවන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය.

රට ඉදිරියට රැගෙන යාමට සහ ආර්ථිකය නගා සිටුවිම අත්‍යාවශ්‍ය බවත් දෛනික වැටුපක් මත ජිවත්වන ජනතාවට සිදුවන අපහසුතාවයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබෙන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

එමෙන්ම රට විවෘත කිරීමෙන් පසුව මහජනතාව කොවිඩ් ආසාදිතයෙක් නොවීමටත්, වෛරසය පතුරුවන පුද්ගලයෙකු නොවීමේ වගකීම ඇති බව පැවසූ යුද හමුදාපතිවරයා සෞඛ්‍ය අංශ විසින් ලබාදී තිබෙන උපදෙස් නිසි පරිදි පිළිපැදීම මගින් වෛරසයෙන් බේරී සිටිමට හැකි බව පෙන්වා දුන්නේ ය.

එමෙන්ම නිරෝධායන ක්‍රියාවලියට යොමු කරවන පුද්ගලයින් ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කිරීම අනිවාර්ය බවද මෙහි දී හමුදාපතිවරයා පෙන්වා දුන්නේ ය.


No comments:

Post a Comment

Post Bottom Ad