ජනතාවට දෙන්න උත්තර නෑ, රිෂාඩ්ට නෙවෙයි දැන් අපටයි හැංගෙන්න වෙලා තියෙන්නෙ - මැඩිල්ලේ හිමි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 18, 2020

ජනතාවට දෙන්න උත්තර නෑ, රිෂාඩ්ට නෙවෙයි දැන් අපටයි හැංගෙන්න වෙලා තියෙන්නෙ - මැඩිල්ලේ හිමි

මේ ආණ්ඩුවට ඡන්දය ලබා දෙන්නැයි ජනතාවගෙන් බල කර ඉල්ලා සිටි තමන්ට දැන් ජනතාව අසන ප්‍රශ්න වලට පිළිතුරු දීමට නොහැකි වී ඇති නිසා සැබැවින්ම සැඟවිය යුත්තේ රිෂාඩ් බදූර්දීන් මහතා නොව තමන් වහන්සේලා බව සිංහලේ සංවිධානයේ මහලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පවසයි. 

"ඇත්තටම මේ වෙලාවෙදි අපට කියන්නට තියෙන්නෙ රිෂාඩ් හිටපු ඇමතිතුමනි, අනේ ඔයා නෙවෙයි හැංගෙන්න ඕනෙ අපියි හැංගෙන්න ඕනෙ. මොකද මේ රටේ මිනිස්සු අපෙන් අහනවා ඔබ වහන්සේලා අපට ඡන්දෙ දෙන්න කියලා බල කර කර කියලා බලයට ගෙනාපු මේ නායකයො, මේ ආණ්ඩු රිෂාඩ්ලා ඉදිරියේදී හැසිරෙන්න මෙහෙමද කියලා. අපට දෙන්න උත්තර නෑ. 

ඒ නිසා අනේ රිෂාඩ්, ඔයා නෙවෙයි හැංගෙන්න ඕනෙ අපියි. ඒ නිසා ඔයා එළියට එන්න, අපි හැංගෙන්නම් කියලා තමයි අපට දැන් කියන්න වෙලා තියෙන්නෙ" යනුවෙනුයි එහිමි සඳහන් කළේ. 

මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් මේ බව පැවසුවේ ඊයේ (17) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.  

No comments:

Post a Comment

Post Bottom Ad