බ‍්‍රැන්ඩික්ස් පොකුර ලොකු වුනේ ජනතාවගේ වරදින්.. ජනතාව උපදෙස් පිලිපදින්නෙ නෑ.. වෛසරය සමාජගත වූ බව නිවේදනය කරන්න වේවි..- සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 18, 2020

බ‍්‍රැන්ඩික්ස් පොකුර ලොකු වුනේ ජනතාවගේ වරදින්.. ජනතාව උපදෙස් පිලිපදින්නෙ නෑ.. වෛසරය සමාජගත වූ බව නිවේදනය කරන්න වේවි..- සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක

කොරෝනා වෛරසය සමාජගත වන්නේ ද නැද්ද යන්න තීරණය වන තීරණාත්මක සාධකය වන්නේ මහ ජනතාවගේ සහයෝගය බව සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්තශාලාව ආශ්‍රිත පොකුර ව්‍යාප්ත වීමට බලපෑ ප්‍රධාන හේතුව මහජනතාවගේ අනාරක්ෂිත කිරීම බවද ඔහු පැවසීය.

බ්‍රැන්ඩික්ස් පොකුර ලංකාවේ ඇති වූ ලොකුම පොකුර වීමට එක් හේතුවක් වන්නේද ‍සාමාන්‍ය ජනතාවට අඩු සැලකිල්ලෙන් කටයුතු කිරීම බවද ඔහු සඳහන් කළේය.

සෞඛ්‍ය අංශ විසින් කොතරම් උපදෙස් දුන්න ද තමන් ආරක්ෂා විය යුතු බවට ජනතාව තුළ මතයක් නොතිබූ බවද ඔහු පෙන්වා දෙයි.

ජනතාව තවදුරටත් වගකීමකින් තොරව කටයුතු කළහොත් කොරෝනා සමාජගත වී ඇතැයි ඉදිරියේදී නිවේදනය කිරීමට සිදුවනු ඇතැයි ද ඔහු පැවසීය.

තොතරම් නීති ගෙනාවා ද වෛරසය පාලනය කිරීමට ජනතා සහාය අත්‍යවශ්‍ය බවද කියා සිටි ඔහු එනිසා සියලු දෙනාම අනිවාර්යෙන්ම යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු බවද පැවසුවේය. 

No comments:

Post a Comment

Post Bottom Ad