බදූර්දීන් ඉතාමත්ම සාර්ථකව සැඟවෙමින් සිටිනවා. පොලිසිය මීට වඩා දක්ෂ විය යුතුයි - ගොඩහේවා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 18, 2020

බදූර්දීන් ඉතාමත්ම සාර්ථකව සැඟවෙමින් සිටිනවා. පොලිසිය මීට වඩා දක්ෂ විය යුතුයි - ගොඩහේවා

රිෂාඩ් බදූර්දීන් මහතා ඉතාමත්ම සාර්ථකව සැඟවෙමින් සිටින ආකාරයක් පෙනෙන බවත් පොලිසිය ඔහුව අත් අඩංගුවට ගැනීමට නම් මීට වඩා දක්ෂ විය යුතු බවත් වියත්මග සංවිධානයේ ප්‍රබලයකු සහ රාජ්‍ය අමාත්‍යවරයකු වන නාලක ගොඩහේවා මහතා පවසයි. 

"එතුමා ඉතාමත්ම සාර්ථකව සැඟවෙමින් සිටින බවක් පේනවා. මං හිතන්නෙ ඉතිං පොලිසිය මීට වඩා දක්ෂ වෙන්න ඕනෙ මෙයාව හොයාගන්නට. මොකද අද මේ තාක්ෂණයයි හැමදේම තියෙන එකේ, මේ ප්‍රමාදය ගැන අපටත් අසතුටක් තිබෙන්නෙ. 

තාම නම් හොස්පිට්ල් එකට ගිහිල්ලත් නෑ නේද ? එයා වෙන උපක්‍රමයක් භාවිතා කරනවා වගේ පේන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

අමාත්‍ය නාලක ගොඩහේවා මහතා මේ බව පැවසුවේ රිෂාඩ් බදූර්දීන් මහතාව අත් අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකිවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඊට පිළිතුරු ලබාදෙමිනි.  


බදුර්දීන් හොයාගන්න යායුතු ගෙවල් ගැන අනුර හෙළිකරයි…

අත්අඩංගුවට ගැනීමට නියෝග කර සිටින හිටපු අමාත්‍ය වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සොයා ගැනීමට නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇතුළු විය නොහැකි නිවාස දෙක තුනකට යා යුතුව තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (17) දින පැවසීය.

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි දීමෙන් අනතුරුව පිටතට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ් මහතා මේ බව පැවසීය. පසුගිය මැතිවරණවලට පෙර වර්තමාන ආණ්ඩුව ප්‍රචාරක වේදිකාවලදී රිෂාඩ් බදියුදීන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවත් බලයට පත් වූ වහාම ඔහු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන බවටත් ජනතාව ඉදිරියේ කියා සිටියද මේ වනවිට ඔහු අත්අඩංගුවට ගැනීමට සොයන්නේ බස් ගණුදෙනුවක් සම්බන්ධයෙන් බව ජවිපෙ නායකයා මෙහිදී පෙන්වා දුන්නේය.

ආණ්ඩු මාරුකිරීම්වලදී වංචනිකයන්ට සහ දූෂිතයන්ට මෙන්ම මාධ්‍යවේදීන් ඝාතනය, තාජුඩීන් ඝාතනය වැනි අපරාධවලට චෝදනා ඒල්ල වී සිටින පුද්ගලයන්ට ඒරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම කුඩා ළමුන් හොරා පොලිස් සෙල්ලම් කිරීමේ තත්වයට පත්ව ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරිණි. වසර 5න් පහට ආණ්ඩු මාරු වීමේදී හොරු සහ පොලීසිය දෙපැත්තට මාරු වෙනවා වැනි විගඩම්කාරී ක්‍රියාවලියක් අනුගමනය කරමින් සිටින බවට ඔහු චෝදනා කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad