නිරෝධායන නීති ඇතුළත් ගැසට් කරයි - නීති කැඩුවොත් දඩුවම් හිමිවන්නේ මෙහෙමයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 16, 2020

නිරෝධායන නීති ඇතුළත් ගැසට් කරයි - නීති කැඩුවොත් දඩුවම් හිමිවන්නේ මෙහෙමයි

නිරෝධායන නීති ඇතුළත් ගැසට් කරයි - නීති කැඩුවොත් දඩුවම් හිමිවන්නේ මෙහෙමයි

කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා අනුගමනය කළයුතු නීති ඇතුළත් ගැසට් පත්‍රය ඊයේ(16) නිතුත්කර තිබේ.

එහි සඳහන් නව නිරෝධායන නීති යටතේ ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය තබාගැනීම, මුඛ ආවරණ පැළැදීම වැනි ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කළ යුතුය.

අදාළ ගැසට් පත්‍රයට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ඊයේ අත්සන් තබා තිබුණි.

එම නව ගැසට් පත්‍රය නිකුත් කිරීමත් සමග නීති කඩකරන පුද්ගලයින් හට රුපියල් 10,000කට නොවැඩි දඩයකුත්, මාස 06ක සිර දඬුවමකුත් යන දඬුවම් දෙකම හෝ එක් දඬුවමක් ලබාදීමට මින් ඉදිරියට අධිකරණයට හැකියාව ලැබේ.

ඊට අමතරව ව්‍යාපාරීක හා සේවා ස්ථානවලට ඇතුළුවීම හා සේවා ස්ථාන පවත්වාගෙන යාම පිළිබඳව එම ගැසට් පත්‍රය මගින් කරුණු කිහිපයක් පෙන්වා දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad