ගාමිණී මාරපන 20 හැදූ බව මම කොහෙවත් කියල නෑ - විජයදාස රාජපක්ෂ  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 16, 2020

ගාමිණී මාරපන 20 හැදූ බව මම කොහෙවත් කියල නෑ - විජයදාස රාජපක්ෂ 

ගාමිණී මාරපන 20 හැදූ බව මම කොහෙවත් කියල නෑ - විජයදාස රාජපක්ෂ 

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කරන ලද්දේ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා බව තමා කිසිවිටෙකත් ප්‍රකාශ නොකළ බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කළේය.

ඒ් "20 හැදුවෙ මේ දෙන්නා - විජේදාස රාජපක්ෂ හෙළිකරයි" මැයෙන් ඒ්ෂියන් මිරර් පුවත් වෙබ් අඩවියේ පළ වූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම තමන්ගෙන් මේ සම්බන්ධයෙන් විමසූ බවත් තමන් ඒ් කිසිදු අවස්ථාවක දී ගාමිණී මාරපන මහතා විසිවැනි සංශෝධනය හැදූ බව ප්‍රකාශ නොකළ බවත් 20 වෙනි සංශෝධනය හැදුවේ කවුරුන්දැයි අධිකරණ ඇමතිවරයා නොදන්නවා නම් තමා දන්නේ කොහොමද යන්න ප්‍රකාශ කළ බව ද සඳහන් කළේය.

 

No comments:

Post a Comment

Post Bottom Ad