20 ගැන අස්ගිරි පාර්ශවයෙන් අනතුරු ඇඟවීමක් - (Video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 1, 2020

20 ගැන අස්ගිරි පාර්ශවයෙන් අනතුරු ඇඟවීමක් - (Video)

20 වැනි සංශෝධනය පිළිබඳව සොයා බැලූ කමිටුවේ සංශෝධනවත් එය සම්මත කර ගැනීමට පෙර සිදු නොකළොත් ගැටලු සහගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවය  අනතුරු ඇඟවීමක් කර තිබේ.

ඒ, හිටපු කතානායක කරූ ජයසූරිය මහතා ඇතුළු පිරිසක් ඊයේ අස්ගිරි පාර්ශවයේ මහානාහිමියන් සහ කාරක සංඝ සභාවේ සාමාජික හිමිවරුන් කිහිප නමක් බැහැදුටු අවස්ථාවේදීය.

කරූ ජයසූරිය මහතා සියම් මහානිකායේ අස්ගිරි පාර්ශවයේ මහනාහිමියන් මෙලෙස බැහැදුටුවේ සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙසිනි.

පිරිස මල්වතු පාර්ශ්වයේ මහානාහිමියන් ද බැහැදැක 20 වැනි සංශෝධනය පිළිබඳ සිය ස්ථාවරය පැහැදිලි කර තිබේ.



No comments:

Post a Comment

Post Bottom Ad