MCC ඉරණම විසදන තීරණාත්මක හමුවක් කැදවයි ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 5, 2020

MCC ඉරණම විසදන තීරණාත්මක හමුවක් කැදවයි !

හස්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය හෙවත් එම් සී සී ගිවිසුම තවදුරටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න තීන්දු කිරීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වීමට නියමිතව තිබේ.

එළඹෙන සතියේ දී ඇමරිකාවේ වොශිංටන් නගරයේ දී මෙම හමුව පැවැත්වීමට නියමිතය.

ශ‍්‍රී ලංකාවේ තෝරාගත් සංවර්ධන කටයුතු වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 480ක් ලබාදීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය විසින් මෙම යෝජනාව ශ්‍රී ලංකාවට ඉදිරිපත් කළේය.

නමුත් එහි ඇතුළත් කොන්දේසි සම්බන්ධයෙන් රට තුළ ඇති වූ දැඩි විරෝධය නිසා එය මෙතෙක් ක්‍රියාත්මක කළ හැකිව නැත.

එමෙන්ම ඒ ගැන සොයා බැලීමට පත්කළ කමිටුවේ නිර්දේශය වූයේද යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.

මෙම තත්වය මත එන සතියේදී පැවැත්වෙන සාකච්්චාව තීරණාත්මක එකක් වනු ඇතැයිද වාර්තා වෙයි. 


No comments:

Post a Comment

Post Bottom Ad