ජනමත විචාරණයකට රජය සූදානම් – අධිකරණ ඇමතිගෙන් ඉඟියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 29, 2020

ජනමත විචාරණයකට රජය සූදානම් – අධිකරණ ඇමතිගෙන් ඉඟියක්

20 වැනි සංශෝධනය සම්මත කිරීම සදහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට අමතරව ජනමත විචාරණයක්ද අවශ්‍ය බවට ශ්‍රේඨාධිකරණය තීරණය කළහොත් ඒ අනුව ක්‍රියා කිරීමට රජය අපේක්ෂා කරන්නේ යැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

කිසිදු අවස්ථාවක නීතියට පිටින් කටයුතු කිරීමට අදහස් නොකරන්නේ යැයි කී ඔහු රජය අධිකරණයට මෙන්ම පාර්ලිමේන්තුවටද සාවධාන වන්නේ යැයි පවසයි.

විසි වැනි සංශෝධනය සිදුවන්නේ නැවතත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෑම යැයිද වේගවත් ආර්ථික සංවර්ධනයක් රටට අත්පත් කර ගැනීම එහි මූලික අරමුණක් යැයිද අධිකරණ ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කරයි. 


No comments:

Post a Comment

Post Bottom Ad