වැඩි මිලට පොල් අලෙවි කළ වෙළඳුන්ට 56ක් කොටු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 29, 2020

වැඩි මිලට පොල් අලෙවි කළ වෙළඳුන්ට 56ක් කොටු

වැඩි මිලට පොල් අලෙවි කළ වෙළඳුන්ට 56ක් කොටු

නියමිත වට ප්‍රමාණයට අදාල මිලට වඩා වැඩි මිලට පොල් අලෙවි කල වෙළදුන් 56 දෙනෙකුට එරෙහිව ඊයේ (28) දිනයේ නීතිමය ක්‍රියාමාර්ග ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රකාශ කරයි.

එම අධිකාරියේ නිලධාරීන් දිවයින පුරා සිදු කළ වැටලීම්වලදී අදාළ වෙළඳුන් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

කොළඹ, ගම්පහ ,පුත්තලම, කුරුණැගල, කෑගල්ල, රත්නපුර, මහනුවර, නුවරඑළිය , බදුල්ල, මොනරාගල, සහ මාතලේ යන දිස්ත්‍රික්කවල ඊයේ දිනයේ මෙම වැටලීම් සිදුකර ඇති බව අධිකාරිය පවසයි.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම මිලක් දක්වමින් පසුගිය 25 වනදා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad