මැතිවරණ කොමිසම පත්කිරීමේ බලය ජනාධිපති නොගෙන පාර්ලිමේන්තුවට දිය යුතුයි - චන්දිම - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, September 6, 2020

මැතිවරණ කොමිසම පත්කිරීමේ බලය ජනාධිපති නොගෙන පාර්ලිමේන්තුවට දිය යුතුයි - චන්දිම

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතින් යෝජනා කර ඇති ආකාරයට මැතිවරණ කොමිසම පත්කිරීම ජනාධිපතිවරයා විසින්ම සිදු කිරීමට වඩා ඒ පිළිබඳ බලය පාර්ලිමේන්තු කවුන්සිලයට පවරා දීම වඩාත් සුදුසු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.



"මම දකිනවා, උදාහරණෙකට මැතිවරණ කොමිසම පත්කිරීමේ බලය පාර්ලිමේන්තු කවුන්සිලයට ලබාදෙනවා නම් ජනාධිපතිවරයාගේ පත්කිරීමක් හැටියට කරන්නෙ නැතුව ඒක වඩාත් ප්‍රායෝගික වේවි කියලා හිතනවා. ඉදිරියේදී අපි පෞද්ගලිකව අපි මහජන නියෝජිතයින් හැටියට දකින අදහසුත් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා සාකච්ඡාවට විවාදයට භාජනය වෙන්න පටන් ගත්තට පස්සෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (05) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad