රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් ලබා දීම සඳහා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 4, 2020

රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් ලබා දීම සඳහා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමට





හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේ.


ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා පවරා ඇති පැමිණිල්ලක වගඋත්තරකරුවෙකු ලෙස හිටපු අග්‍රාමාත්‍යවරයාට කොමිසම හමුවේ පෙනීසිටින ලෙස නොතිසි නිකුත් කර තිබුණි.


යහපාලන ආණ්ඩුකාලය තුළ ක්‍රියාත්මක වු ජාතික විධායක සභාවේ තීරණයක් හේතුවෙන් තමන් දේශපාලන පළිගැනීම්වලට ලක්වු බව අදාළ පැමිණිල්ලෙන් වෛද්‍ය ජයතිලක පවසයි.


මේ සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුවේ ආමත්‍යවරුන් 15 දෙනෙකු ද මීට පෙර කොමිසම හමුවේ සාක්ෂී ලබා දී තිබේ. 

No comments:

Post a Comment

Post Bottom Ad