සමගි ජන බලවේගයේ හා විපක්ෂයේ සිටින ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට එක්වීමේ සාකච්ඡා මේ වන විට සාර්ථකව අවසන් වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයට පිටින් වෙනම තරග කර ජයග්‍රහණය කළ ඉහත සඳහන් පක්ෂ දෙකේ මන්ත්‍රීන් දෙදෙනා ද ඒ අතර සිටින බව වාර්තා වේ.
රවුෆ් හකීම් හා රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් නායකත්වය දෙන මෙම පක්ෂ දෙකේ තෝරාගත් මුස්ලිම් මන්ත්‍රීවරුන් පිරිසකට තනි තනිව ආණ්ඩුවට එක්වන ලෙස පොදුජන පෙරමුණ පාර්ශවයෙන් ඉල්ලීමක් කර තිබේ.
මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන හිටපු නැගෙනහිර පළාත් මහ ඇමති වරයෙකු වන නසීර් අහමඩ් මහතා ආණ්ඩුවට එක්වීම පිළිබඳව දැඩි ස්ථාවරයක සිටින බවද දැනගන්නට තිබේ.
සමගි ජන බලවේගයේ හා විපක්ෂයේ සිටින මෙම මුස්ලිම් මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක් කර ගැනීම පිළිබඳව මාධ්‍යවල පළ වන වාර්තා ආණ්ඩු පක්ෂය විසින් මෙතෙක් ප්‍රතික්ෂේප කොට නොමැති වීමද විශේෂත්වයකි.
මෙම ප්‍රවෘත්තියට පදනම් වූ කරුණු නිවැරදි බව එනම් විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට එක් වන බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉකුත් 22 වෙනි දින පාර්ලිමේන්තුවේදී තහවුරු කරන ලදී.
No comments:
Post a Comment