මේ වර්ෂයේ අග හෝ ලබන වර්ෂය මුල දැනට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකධුරය දරන රුවන් විජේවර්ධන මහතා පක්ෂයේ නායකත්වයට පත් කිරීමෙන් පසු පක්ෂය ගොඩ නැගීමට ඔහුට සහාය දීම සඳහා පත් කළ යුතු කණ්ඩායම් පිළිබඳව ද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තුළ පැහැදිලි සැලැස්මක් තිබෙන බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව රුවන් විජේවර්ධන මහතා පක්ෂ නායකයා ලෙස පත් වීමෙන් පසු පුරප්පාඩු වන නියෝජ්‍ය නායක ධුරයට අකිල විරාජ් කාරියවසම් මහතාවද කාරියවසම් මහතා එම තනතුරට පත් කිරීමෙන් පුරප්පාඩු වන මහලේකම් ධූරය සඳහා සාගල රත්නායක මහතාවද පත්කිරීම වික්‍රමසිංහ මහතාගේ සැලැස්ම වෙයි.
සාගල රත්නායක මහතා බොහෝ කලක සිට පක්ෂ මහලේකම් ධූරය බලාපොරොත්තුවෙන් සිටින බව ප්‍රකට කරුණකි.
මෙම පත්කිරීම් සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දැනට සිටින සාමාජිකයින් හතළිස් දෙනාගෙන් බහුතරයකගේ කැමැත්ත අවශ්‍ය වන අතර එම කැමැත්ත ලබා ගැනීමේ ගැටලුවක් වික්‍රමසිංහ මහතාට නොමැති බවද සිරිකොත ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතරයක් පත් කරනු ලබන්නේ පක්ෂ නායකයා විසිනි.
No comments:
Post a Comment