නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුනු ධීවරයින් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 24, 2020

නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුනු ධීවරයින් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට


 


නාවික හමුදාව විසින් නැගෙනහිර, උතුරු මැද උතුරු, සහ වයඹ නාවික විධානයන්ට අයත් මුහුදු තීරයන්හි පසුගිය සතිය තුල සිදු කළ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ නියුතුව සිටි පුද්ගලයින් සහ ධීවර ආම්පන්න රැසක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙහිදී නැගෙනහිර නාවික විධානය විසින් ත්‍රිකුණාමලය රවුන්ඩ් අයිලන්ඩ් සහ පොල්තුඩුව යන ප්‍රදේශයන්ට ඔබ්බෙන්වූ මුහුදේ සහ කාත්තන්කුඩි කළපුවේත්,  සිදුකළ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී දැල් භාවිතා කරමින් හා වලංගු ධීවර බලපත් නොමැතිව ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයින් 09 දෙනෙක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.


 එසේම, උතුරු මැද නාවික විධානය විසින් තලෙයිමන්නාරම ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී දැල් භාවිතා කරමින් හා වලංගු ධීවර බලපත් නොමැතිව ධීවර කර්මාන්තයේ යෙදුනු තවත් ධීවරයින් 10 දෙනෙක්, හා ධීවර යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කල අතර, එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ සිදු කල තවත් සෝදිසි මෙහෙයුමකදී අනුමත සීමාව ඉක්මවා වියලි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 724කට අධික ප්‍රමාණයක් ලඟ තබාගෙන සිටි සැකකරුවකු නාවික හමුදා භාරයට ගැණිනි.

No comments:

Post a Comment

Post Bottom Ad