නිශාන්ත පිටුවහල් කරන්න එපා… ජිනීවා කවුන්සිලය ස්විස් රජයට දන්වයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 30, 2020

නිශාන්ත පිටුවහල් කරන්න එපා… ජිනීවා කවුන්සිලය ස්විස් රජයට දන්වයි

හස් පොලිසියේ හිටපු පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා ශී‍්‍ර ලංකාවට පිටුවහල් කිරීමෙන් වළකින ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ස්විස් රජයෙන් ඉල්ලා ඇත.

ස්විස් සංක‍්‍රමණික නීතිය යටතේ නිශාන්ත සිල්වා පිටුවහල් කිරීම නීති විරෝධී බව මානව හිමිකම් කවුන්සිලය සඳහන් කර තිබේ.

මානව හිමිකම් කවුන්සිලය විසින් ශී‍්‍ර ලංකාව පිළිබඳව සිදුකරන විමර්ශනවලදී නිශාන්ත සිල්වා වැදගත් සාක්‍ෂිකරුවකු බවද එම කවුන්සිලය දන්වා ඇත.

මේ අතර රහස් පොලිසිය සතුව තිබූ වැදගත් ලිපි ලේඛන රැසක් මානව හිමිකම් කවුන්සිලයට ලැබී තිබෙන බවද මානව හිමිකම් කොමසාරිස් විසින් තහවුරු කර ඇත. 


No comments:

Post a Comment

Post Bottom Ad