හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතය.
ඒ කොමිසම කළ දැනුම් දීමක් අනුවයි.
ආර්ථික කටයුතු සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන වෛද්‍ය නිහාල් ජයතිලක මහතා කළ පැමිණිල්ලකට අදාළව රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනෙකුටම පසුගියදා කොමිසම හමුවේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කළේය.
දිවිනැගුම දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමේදී ස්වේච්ඡාවෙන් ඉවත් වූ සේවකයින්ට වන්දි හා පාරිතෝෂික දීමනා ලබා දීම මෙන්ම ඉසුරුමත් නිවාස ව්‍යාපෘතිය යටතේ සහන ලබා දීමේ ක්‍රියාවලියට අදාළව තමා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම දේශපාලන බලපෑම් මත සිදු කර ඇති බවට වෛද්‍ය නිහාල් ජයතිලක මහතා කොමිසමට පැමිණිලි කර තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතාට අමතරව මංගල සමරවීර, රාවුෆ් හකීම් ,පාඨලී චම්පික රණවක, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මලික් සමරවික්‍රම ,දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන්, එම් ඒ සුමන්දිරන් හා අනුර කුමාර දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක්ද මෙම සිද්ධියට අදාළ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
No comments:
Post a Comment