තිස්සගේ යෝජනා දෙකම රනිල් කුණු කූඩෙට දමයි ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 3, 2020

තිස්සගේ යෝජනා දෙකම රනිල් කුණු කූඩෙට දමයි !

මගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා විසින් එජාපයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනා දෙක සැලකිල්ලට නොගෙනම ඉවත දැමීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට තිබේ.

තිස්ස අත්තනායක මහතා එජාප නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීම සම්බන්ධයෙන් යෝජනා දෙකක් ඉදිරිපත් කරන ලදී.

ඉන් එකක් වූයේ එජාප ව්‍යවස්ථාවේ සුළු වෙනසක් කිරීමෙන් සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂ නායකත්වය ලබා දිය යුතු බවය. දෙවැනි යෝජනාව වූයේ මධ්‍යස්ත තුන්වෙනි පාර්ශවයකට එජාප පක්ෂ නායකත්වය තාවකාලිකව ලබා දී ඉන්පසු එය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතු බවය.

සජිත් ප්‍රේමදාස මහතාට කිසිවිටකත් එජාප නායකත්වය ලබා දීමට රනිල් වික්‍රමසිංහ මහතා තුල කැමැත්තක් නොමැති බව වාර්තා වේ.

ඊයේ (02) මාධ්‍ය හමුවක් තබමින් අත්තනායක මහතා මෙම යෝජනා දෙක ඉදිරිපත් කර තිබිණි.


No comments:

Post a Comment

Post Bottom Ad