ආණ්ඩුවට 2/3 නෑ.. අඩුපාඩු මන්ත‍්‍රීන් ගන්න සල්ලි පිරවූ සූට්කේස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 17, 2020

ආණ්ඩුවට 2/3 නෑ.. අඩුපාඩු මන්ත‍්‍රීන් ගන්න සල්ලි පිරවූ සූට්කේස්

ණ්ඩු පක්ෂයට විසිවෙනි සංශෝධනය සම්මත කරගැනීමට පාර්ලිමේන්තුව දී ඉඩ ලබා නොදෙන බවත් එය පරාජයට පත් කරන බවත් සමගි ජන බලවේගය නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. ආණ්ඩුවට තුනෙන් දෙකක බලය සාදාගැනීමට අඩුපාඩු මන්ත්‍රීවරුන් ලබාගැනීම සඳහා සල්ලි පිරවූ සූට්කේස් ලබාදීමේ සූදානම් ඇතැයිද ඔහු පැවසීය.

කෙසේ නමුත් මුදලට විකිණෙන මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගය තුල නැති බවද ඔහු පැවසුවේය.

එසේ කිසිවෙකු හෝ සිටී නම් ඔවුන් සමග කිසිදු දේශපාලන ගණුදෙනුවක් ඉදිරියේදී නොපවත්වන බවත් ඒ මහතා කියයි.

අද වන විට ප්‍රගතිශීලී ජනතාවගේ බලපෑම මත විස්සේ කෑලි ගණනාවක් අකුලාගෙන ඇති බවද ඔහු කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad