බිත්තර මිල රුපියල් 2 කින් පහළට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, September 6, 2020

බිත්තර මිල රුපියල් 2 කින් පහළට

බිත්තර මිල රුපියල් 2 කින් පහළට

 බිත්තර මිල හෙට සිට රුපියල් 2.00 කින් පහළ දමන බව, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ ඉල්ලීමකට අනුවයි.

ඒ අනුව හෙට සිට සුදු බිත්තරයක මිල රුපියල් 18 ක් ලෙසත් රතු බිත්තරයක මිල රුපියල් 18.50 ක් ලෙසත් සංශෝධනය වේ.

බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර තංගල්ල කාල්ටන් නිවසේ පැවති හමුවකදී ඒ පිළිබඳ එකඟතාවකට පැමිණි බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

බිත්තර මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ කුකුළු පැටවෙකුගේ මිල රුපියල් 350 ක පමණ ඉහළ මිලක පැවතීම බව, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය එහිදී පෙන්වා දුන්නේ ය.

එම මිල රුපියල් 175 ක් දක්වා පහළ දමන්නැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම අවස්ථාවේදී ම විෂය භාර අමාත්‍යවරුන් සම්බන්ධ කරගත් අග්‍රාමාත්‍යවරයා අදාළ ඉල්ලීම පිළිබඳ අවධානය යොමුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි දැනුම් දී තිබේ.

 

No comments:

Post a Comment

Post Bottom Ad