ඩොලර් මිලියන 150ට බොහොම ස්තූතියි මෝදි මහත්තයා…හැබැයි 13නම් බෑ..ඉන්දියානු යටත්විජිතවාදයට එරෙහිව ජීවිත පරිත්‍යාග කරන්න අපි ලෑස්තියි - මැදගොඩ අභයතිස්ස හිමි (හඩපටය සහිතයි) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 30, 2020

ඩොලර් මිලියන 150ට බොහොම ස්තූතියි මෝදි මහත්තයා…හැබැයි 13නම් බෑ..ඉන්දියානු යටත්විජිතවාදයට එරෙහිව ජීවිත පරිත්‍යාග කරන්න අපි ලෑස්තියි - මැදගොඩ අභයතිස්ස හිමි (හඩපටය සහිතයි)

න්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලංකාවට ඩොලර් මිලියන 150ක් ලබාදී 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටීන බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි. උන්වහන්සේ මෙසේ පැවසුවේ ඊයේ (29) කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමිනි. 

එහිදී උන්වහන්සේ මෙසේද පැවසීය. 

‘‘මෝදි මහත්තයා පොඩි පණිවිඩයක් එක්ක තෑග්ගක් එවලා තියෙනවා. ඒ ඩොලර් මිලියන 150ක් දෙන්නම් 13 ක්‍රියාත්මක කරන්න අපි ඒක බලාගෙන ඉන්නවා කියලා. ඩොලර් මිලියන 150ට බොහොම ස්තූතියි මෝඩි මහත්තයා හැබැයි 13 ක්‍රියාත්මක කරන්න කියලා කියන්න මොන අයිතියක්ද ඔබට තියෙන්නේ. මේ ඉන්දියානු යටත්විජිත වාදයට එරෙහිව සටන් කරලා ජීවිතය පූජා කරන්න උනත් අපි ලෑස්තියි“ යැයි උන්වහන්සේ පැවසීය‍ 


No comments:

Post a Comment

Post Bottom Ad