දිස්ත්‍රික්ක 05ක් සඳහා නිකුත් කර ඇති නායයාම් අවධානම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.
ඊයේ (06) රාත්‍රියේ දි කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට මෙම නායයැමේ අවධානම් නිවේදනය නිකුත් කරනු ලැබීය.
කොළඹ දිස්ත්‍රික්කයේ සිතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නෙළුව සහ නාගොඩ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල හා පාලින්දනුවර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් වේ.
මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, කෑගල්ල සහ යටියන්තොට මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, රත්නපුර, කිරිඇල්ල, කුරුවිට, ඇළපාත සහ ඇහැළියගොඩ යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවලට මෙම නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය ක්‍රියාත්මක කර තිබේ.
මේ අතර ඊයේ පස්වරුවේ සහ රාත්‍රි කාලයේ දිවයිනට බලපෑ වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් වැඩිබලපෑමක් එල්ල වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයට බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පැවසුවේය.
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මාර්ගවලට ගස් කඩා වැටීම හේතුවෙන් මාර්ග ගමනාගමනයට බාධා එල්ල වී තිබු අතර ඒවා මේ වන විට යථාතත්ත්වයට පත්කර ඇති බව එම මධ්‍ය ස්ථානය සඳහන් කළේය.
පවතින තත්ත්වය හමුවේ ධීවර හා නාවික ප්‍රජාව ද වඩාත් සැළකිලිමත් වියයුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේය.
No comments:
Post a Comment