මෛත්‍රීගේ උප අගමැති කමටත් තට්ටුවෙයි? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 31, 2020

මෛත්‍රීගේ උප අගමැති කමටත් තට්ටුවෙයි?

හනව වැනි සංශෝධනය ඉවත් කිරීම හා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම මිස උප අගමැතිවරයකු පත් කිරීම ගැන අවධානයක් යොමුකර නැතැයි අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

උප අගමැතිවරයකු පත් කිරීම ගැන කිසිම යෝජනාවක් හෝ ඉදිරිපත් වී නැති බව ද හෙතෙම කියා සිටී.

මල්වතු හා අස්ගිරි නාහිමිවරුන් බැහැ දැකීම සඳහා මහනුවරට පැමිණි අවස්ථාවේ අධිකරණ අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

සියලූ ජාතීන් වෙනුවෙන් ක්‍රියාත්මක වන පොදු නීති පද්ධතියක් ඇති කරන බවද මෙහිදී ඇමැතිවරයා අවධාරණය කර ඇත.

කෙසේවුවද, හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් නියෝජ්‍ය අගමැතිධූරයක් ලබා දෙන ලෙස එම පක්ෂය විසින් රජයට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව මීට පෙර වාර්තා විය.

එම නව ධූරය 18 සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධන අහෝසි කිරීමෙන් අනතුරුව අලුතින් ගෙන එන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ කොටසක් ලෙස ඇතුළු කරන ලෙසට යෝජනා කර තිබූ බවද පැවසේ.

දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීන් 15 දෙනෙක් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටිති.

එයින් දෙදෙනකුට කැබිනට් අමාත්‍ය පදවි හිමි විය. තවත් හතර දෙනකුට රාජ්‍ය ඇමැති පදවිද නියෝජ්‍ය කතානායක හා කාරක සභා නියෝජ්‍ය සභාපති පදවි තවත් දෙදෙනකුට ද හිමිවුණි.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තු ස්වාධීන කණ්ඩායමක් ලෙසට අසුන් ගන්නා බවට ද මාධ්‍ය වාර්තා පැතිර තිබූ අතර ඒ පිළිබඳව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයකුගෙන් අප කළ විමසීමකදී එය අසත්‍ය බවත් රජය සමඟ එක්ව ඉදිරියට යන බවත් ඔහු කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad