“උන්ට මනාප දෙන්න, පොහොට්ටුවේ අපිට පයිත්තියන්ද?” – උදිත ලොකුබණ්ඩාර - (video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 31, 2020

“උන්ට මනාප දෙන්න, පොහොට්ටුවේ අපිට පයිත්තියන්ද?” – උදිත ලොකුබණ්ඩාර - (video)

මෙවර මැතිවරණයෙන් නිර්මාණය කරන්නේ නිර්මල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් පොහොට්ටුවේ අපේ ආණ්ඩුවක් බව බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක උදිත ලොකුබණ්ඩාර මහතා පවසයි.

බදුල්ලේ පිහිටි මැතිවරණ රැළියක් අමතමින් ඔහු මේ බව පැවසීය.

මෙවර ආණ්ඩුව පිහිටුවීම සඳහා සියලු දෙනාගේම ඡන්ද අවශ්‍ය බවත් නමුත් මනාප ලබා නොදෙන ලෙසත් ඔහු ඉල්ලා සිටි.

එක් දිස්ත්‍රික්කයකින් එක් අයකු බැගින් පැමිණියත් 25දෙනෙකු පාර්ලිමේන්තුව නියෝජනය කරන බැවින් මනාප ලබා නොදෙන ලෙසට ඔහු පැවසීය.

රාජපක්ෂවරුන්ට හිරිහැර කරන විට පොදුජන පෙරමුණේ පාක්ෂිකයින්ට පහර දෙනවිට ආණ්ඩු පක්ෂයේ සිටිමින් ඒවා අනුමත කල අයව පාර්ලිමේන්තු යැවීමට තරම් පිස්සුවක් පොහොට්ටුවට නොමැති බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad