ජනපති ඉදිරියේ කළුතරට එපා කිව්ව හොරා කවුද? VIDEO - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 31, 2020

ජනපති ඉදිරියේ කළුතරට එපා කිව්ව හොරා කවුද? VIDEO

ජනපති ඉදිරියේ කළුතරට එපා කිව්ව හොරා කවුද? VIDEO

"කළුතරට හොරු එපා" යැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් කළුතර මැතිවරණ කොට්ඨාශයේ සහභාගී වූ මැතිවරණ ප්‍රචාරක රැස්වීමකදී කළුතර ජනතාව ඉල්ලීමක් කරන දර්ශන ඇතුලත් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවෙමින් තිබේ.

ජනාධිපතිවරයා සහභාගී වූ එම රැස්වීම සංවිධානය කර තිබුනේ කළුතර මැතිවරණ කොට්ඨාශයේ පොදුජන පෙරමුණු ප්‍රධාන සංවිධායකවරයා මෙන්ම කළුතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක රෝහිත අබේගුණවර්ධන මහතා විසිනි.

ජනතාව ජනාධිපතිවරයාගෙන් එම ඉල්ලීම කරන අවස්ථාවේ අබේගුණවර්ධන මහතා ජනාධිපතිවරයාට බොහෝ පිටුපසින් ඇවිද යන ආකාරයද වීඩියෝ පටයේ දක්නට ලැබේ.

පානදුර හා බුලත්සිංහල මැතිවරණ කොට්ඨාශ වල පැවති ප්‍රචාරක රැස්වීම් වලදී ද ජනතාව මෙම ඉල්ලීම ජනාධිපතිවරයාගෙන් කළ අතර එම රැස්වීම් වලටද දිස්ත්‍රික් නායකයා ලෙස අබේගුණවර්ධන මහතා සහභාගී වී තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad